Total Pageviews

Friday, August 26, 2016

රූපවාහිණී මෙගා නාට්‍ය කලාව

 රූපවාහිණී මෙගා නාට්‍ය කලාව

         දවසේ කාර්යයන් නිමාවට පත්කරමින් මනසට විවේකය සහනය ලබා ගැනීම උදෙසා අප රූපවාහිණිය නැරඹීම කෙරෙහි යොමු වන්නේ නිතැතිනි. නමුත් අදවන විට රූපවාහිණිය තුලින් මනස නිරවුල් කරගැනීමට සැබැවින්ම හැකි වී තිබේද? මන්ද වර්තමානය වන විට රූපවාහිණිය යනු නිරතුරුවම මනස වියවුල් කරන යකාගේ පෙට්ටියකි. අද වන විට රූපවාහිණි මාධ්‍ය තුල වැඩි අවධානයක් යොමු කොට ඇත්තේ මෙගා නාට්‍ය කෙරෙහිය. එක පෙළට නාටක හතරක් පහක් විකාශනය කිරීමට සෑම නාලිකාවක්ම පෙළඹී සිටී. එයට හේතු වී ඇත්තේ පේ‍්‍රක්ෂකයා නාලිකාව කෙරෙහි රදවා තබා ගැනීමයි. මේ හේතුවෙන්  ඕනෑම හරසුන් බොළද නාටක විකාශනය කිරීමට ඔවුන් පසුුු බට නොවෙති. සැබැවින්ම එම නාටක මගින්් මනස නිරවුල් වීම වෙනුවට මනස ව්‍යාකූල කිරීම සිදුවේ. නාටකයේ පවුල් ගැටුම් වෙනුවෙන්, ස්ත‍්‍රී චරිතයකට සිදු වූ අසාධාරණය වෙනුවෙන් කදුලූ හෙලනා පේ‍්‍රක්ෂකයා තම පවුලේ ගැටුමකදී හෝ එලෙස සංවේදී නොවීම හාස්‍යයට කරුණකි. නාටකයේ සුඛෝපභෝගී ජීවන රටාවට ආදරය කරන ජනතාවට දරුවන්ගේ අධ්‍යාපනය ගෙදර දොර එදිනෙදා අවශ්‍යතා අමතක වන නමුත් නාටකයන්ගේ විලාසිතාවන් අනුකරණයට පසුබට නොවෙති. හරසුන් කථා මාලාවේ එක්දහස් ගණනකටත් එහා දිවයන වෛරය, පලිගැනීම, ආදරය, පවුල් ගැටුම් යනාදිය තේමා කොට ගෙන ඇත. කලූ සුදු චරිත පමණක් නිරූපණය කරනු ලබන මෙම හරසුන් නාට්‍ය ළමා මනසේ පටන්ම වැඩිහිටියන් දක්වාම සිත් දූෂණය කරයි. මෙම නාටක පෙළ දකින විට ලංකාව තුල නළු නිලියන්, අධ්‍යක්ෂක වරුන්, තිර රචකයින් සිටින බව පවා අමතක වීම පුදුමයක් නොවේ. එතරම්ම ඉන්දියානු, කොරියානු නාටක මෙරට රූපවාහිණී නාලිකා ආක‍්‍රමණය කොට තිබේ. මේ අනුව අද වන විට ලංකාව, ඉන්දියාවද කොරියාවද යන සැකය මතු වී තිබේ.
     

No comments:

Post a Comment