Total Pageviews

Friday, August 26, 2016

විලාසිතා



විලාසිතා

           විලි වසා ගැනීමේ අරමුණින් මිනිස් අවශ්‍යතාවයක් ලෙස අතීතයේ සිට ක‍්‍රමිකව වර්ධනය වූ ඇදුම් පැලදුම් වර්තමානයේ විලාසිතාවන්ගෙන් අනූන පාරාදීසයකි. කොළ අතු එල්ලා ගනිමින් මෙන්ම දඩයම් යුගයේදී සත්ත්ව හම් මගින් විලි වසා ගත් මිනිසා අදවන විට විලි වසා ගැනීමට එහා ගිය අරමුණු ඇතිව ඇදුම් පැලදුම් භාවිතයට යොමුව ඇත. වර්තමානයේ ඇදුම් පැලදුම් යනු පෞර්ෂ්‍යත්වය, චරිතය, සමාජ පන්තිය නිරූපණය කරන්නකි. මිනි ගවුම, බෙල් බොටම විලාසිතාවන් පසු කරමින් පැමිණි ගමන් මගේ නූතන විලාසිතාවන්ගේ ඉම සොයා ගැනීම අපහසුය. දිනෙන් දිනම අලුුත් වන විලාසිතා ලෝකයට විවර වී ඇත. පාරිභෝගිකයා කෙරෙහි අවශ්‍යතා මවමින් විලාසිතා ජනප‍්‍රිය කරවීම ව්‍යාපාරිකයින්ගේ අරමුණ වේ. විලාසිතාවන් අනුකරණ කල යුත්තේ පුද්ගලයා අනුවයි. එහි පවත්නා ජනප‍්‍රියත්වය හේතුකොට ගෙන සියලූම විලාසිතාවන් තමාට ගැලපේ යැයි සිතීම අණුවනය. තමාට සුදුසු විලාසිතාව තෝරා ගැනීමට අප බුද්ධිමත් විය යුතුය. විලාසිතාවන් කියූ සැනින් අවධානය යොමු වන්නේ කාන්තා පාර්ශවය කෙරෙහිය. ඔහුන් කෙසේ ඇන්දත් සමාජයට වැරදිය. දිගට අදින ඇය පත්තිනි අම්මා ලෙසත් කොටට අදින ඇය බඩුවක් ලෙසත් සමාජය විසින්ම හංවඩු ගසනු ඇත. මෙය විලාසිතා දෙස බලන සමාජ ඇසේ වරදකි. නමුත් සංවර විලාසිතාවන් තෝරා ගැනීම කාන්තාවන්ගේ වගකීමකි. විදේශයන්ගෙන් ආනයනය කරන සියලූම විලාසිතා අප රටට උචිත දැයි පළමුව සිතා බැලිය යුතුය. වර්තමානයේ බොහෝ අපරාධයන්ට අසංවර විලාසිතාවන්ද හේතුවක් වී ඇත. සුන්දරත්වය විදහාදක්වන්නට විලාසිතාවන් අනුකරණය කලද අප ඇදුම් අදිමින් සිටිනවාද ඇදුම් අපව අන්දමන් සිටිනවාද යන්න සිතා බැලිය යුතු කාලයකි.
                    

1 comment: