Total Pageviews

Friday, August 12, 2016


අදත් සිහි කැදවයි සොදුරු විය වහින විට නගරෙට උඩින්

චිචිරි චිරි චිරි ගගා වැටෙනා පුංචි වැහි බිදු සිය ගණන්
එකට එක්වී මිදුලෙ සෑදුණු වතුර වල වෙත දිව ගිහින්
දෙපා පොඩියෙන් මඩ තලා සෙල්ලම් කලා අපි මතකනම්
සොදුරු ජීවිතයක් ගෙවා ඇති බව කිවිය හැක නිසැකයෙන්

නවා හැඩයට හදයි ඔරු කඩදාසි හරි හරියට එදා
යවා තරගෙට දිනුම කොයි ඔරුවටද කියමින් ඉද බලා
ගිලෙන පෙරලෙන පෙගෙන ඔරුවට යලිත් පණ දෙන්නට සිතා
වෙහෙස වුණු සුන්දර ළමා කළ ගෙවුණි අපි කාටත් හොරා

විඩාබර දිවි ගමන සනහන සිසිල් ගැබ්බර වැහි පොදින්
වැටෙන විට වැහි බින්දු එක පිට තෙමෙන්නට හැකි නම් තුටින්
අදත් සිහි කැදවයි සොදුරු විය වහින විට නගරෙට උඩින්
ළමා විය වෙත යන්ට හැකි නම් දමා දුවගෙන එමි සැණින්























 

4 comments: