100×4 කඩුලූ මතින් දිවීම
දරුවකු මෙලොව එලිය දකින්නට පෙර සිටම අධ්‍යාපනය ලබන්නට සුදුසු පාසල තීරණය කිරීම දෙමාපියන්ගේ සිරිතයි. ඒ වත්මන් තරගකාරී අධ්‍යාපන රටාවට ඇතුලූ වීමටයි. දෙමාපියන්ගේ සියලූ බලාපොරොත්තු සහිත බැටන් පොල්ල රැගත් දරුවා දිවීම ආරම්භ කරන්නේ හය හතර නොතේරෙන වියේ සිටයි. දරුවන්ගේ ළමා කාලයත් අහිමි කරමින් ශිෂ්‍යත්වය, O/L, A/L සියලූ කඩුලූ එක පිම්මේ පනින්නට ඔවුන් සුදානම් කරවයි. ශිෂ්‍යත්වය නම් පළමු කඩුල්ල දරුවාගේ නොව දෙමාපියන්ගේ විභාගයකි. ඉන් සමත් දරුවා ලොකු ඉස්කෝලෙකට යැයි නම් දැරූ පාසලට ඇතුලත් කරන්නට නැවතත් තරගයකි. එයින් නැවත අරඹන අධ්‍යාපන දිවිල්ලේ නැවතුම්පළ වන්නේ O/L කඩුල්ලයි. එය ගුරුවරුන්ගේ විභාගයයි. එම කඩුල්ල පනින දරුවාගේ විභාගය වන්නේ A/L ය. මන්ද එහිදී විෂය තෝරා ගැනීමට බොහෝ විට ඔවුන්ට අවස්ථාව හිමි වන බැවිනි. නමුත් බැටන් පොල්ල අත්හැරීමට වරම් නැත. බොහෝ විට සිදුවන්නේද විභාග වලින් හෙම්බත්ව සිටින දරුවන් TRACK එකෙන් පිට පැනීමයි. සියල්ල දරා ගෙන ඉදිරියට දුවන දරුවාගේ අවසාන කඩඉම විශ්වවිද්‍යාලයයි. මේ සියලූ සටන එහි යාමටයි. නමුත් සිතූ ජයග‍්‍රහණය එය නොවන බවත් තවමත් බැටන් පොල්ල අත්හල නොහැකි බවත් වසර හතර අවසන් වෙත්ම වැටහේ. මේ දිවිල්ලේ අවසානයක් සෙවීම අපහසුය. පිට පිට කඩුලූ පැන්න යුතුමය. මේ සියල්ල ජීවත්වන ටික කාලයටය. නමුත් කඩුලූ පිට කඩුලූ පනින්නට සිදුවනවාමය.
No comments:
Post a Comment