Total Pageviews

Tuesday, July 26, 2016

රටට සල්ලි ගෙන එන සම්පතකි                ළද
නැතිමුත් ගෞරවය රට තුල ඔබට               අද
ගාමන්ට් කෙල්ල නාමෙන් අමතනා           සද
ඔබගේද දුෂ්ටියේද නොදනිමි මේ             වරද

දවසට පැය අටක් දොළහක් වැඩ            කරන
මැෂින් එකට අත  පය දෑන් හිරි            වැටෙන
දහදිය වගුරමින් කුණු බැනුමන්               අසන
දිරිය ළඳයී ඔබ සැම රට ගොඩ               නගන

උගත්කමට හිමි නැත අද රටේ                ඉඩ
උපාධි ක් ඇත ගාමන්ට් එකේ                 වැඩ
කෑම පැයයී කන්දක් ගොඩ ගැසෙයී        වැඩ
නිවාඩුවක් නැත අසනිපෙටත්                 වැඩ

නගින බසින ඉර දවසට නැහැ           දැක්කේ
බෝඩින් ජීවිතේ අපමණ දුක්           දෙන්නේ
දුක් වින්දාට කෙදිනද සැප හිමි          වන්නේ
කුමාරයෙක් වත්  නනෑ කැන්දන්      යන්නේ

Sunday, July 24, 2016

මගෙන් නොඅසාම
මගේ ජීවිතේ ඒ කසාදෙන් තිරවුණා
මගේ හිමිකම පැවරුවා
නමේ අග ඔබ එල්ලුණා
හැදී වැඩි ගම් දොර ,සහෝදර 
මව්පියන් හැර පැමිණියා
ඔබ රැගෙන ආ යදම් බදුනේ
හැඩය ගෙන මා සිර වුණා
මගේ සිත මට නැතිවුණා
ගතත් ඔහුගේම වුණා
දස මසක් කුස දරා සිටියත් 
මම අම්මා පමණක් වුණා
" ඇගේ " හිමිකම කොහේ දැයි 
සොයමින් තවම මා ලතවෙනා