Total Pageviews

Sunday, July 24, 2016

මගෙන් නොඅසාම
මගේ ජීවිතේ ඒ කසාදෙන් තිරවුණා
මගේ හිමිකම පැවරුවා
නමේ අග ඔබ එල්ලුණා
හැදී වැඩි ගම් දොර ,සහෝදර 
මව්පියන් හැර පැමිණියා
ඔබ රැගෙන ආ යදම් බදුනේ
හැඩය ගෙන මා සිර වුණා
මගේ සිත මට නැතිවුණා
ගතත් ඔහුගේම වුණා
දස මසක් කුස දරා සිටියත් 
මම අම්මා පමණක් වුණා
" ඇගේ " හිමිකම කොහේ දැයි 
සොයමින් තවම මා ලතවෙනා 

No comments:

Post a Comment