Total Pageviews

Friday, August 19, 2016

දිනෙන් දෙකෙන් ගායක බැස යනවා

රූප පෙට්ටියට මූණ දාන්නට
රටට ඇසෙන්නට ගීත ගයන්නට
හැකියාවක් හොද හැටි මට නැතුවට
ඔබේ මනාපය ඇති ජයගන්නට

මිහිරි හඩින් ගී ගයන්ට බැරුවට
තාලෙට ගීතය කියන්ට හැකිමට
මේකප් තවරාගෙන හොද හැටියට
හොදට රගන්නට හැකිය මෙමා හට

නිතර සිනහවෙන් මුව සරසන්නේ 
ගන්න මෙමා හට ඔබෙ අවධානේ
වැඩි කර ගන්නට හැකි නම් මනාපෙ
ගීත කිරුළ ගන්නට හැකි මෙවාරෙ

ගායකයෝ දැන්නම් වැහිවැහැලා
ගීත සිය ගණන් එළි දක්වනවා
විදින්ට රසයක් නැතිවද මන්දා
දිනෙන් දෙකෙන් ගායක බැස යනවා

රටේ පවතිනා මහ ගැටලුවකී
ගයකයෝ අඩුවක් දැයි නොදනී
නාලිකා ජයටම තරග කරද්දී
රටේ ගැටලු කොහි යනවද නොදැනී

2 comments: