නැතිමුත් ගෞරවය රට තුල ඔබට අද
ගාමන්ට් කෙල්ල නාමෙන් අමතනා සද
ඔබගේද දුෂ්ටියේද නොදනිමි මේ වරද
දවසට පැය අටක් දොළහක් වැඩ කරන
මැෂින් එකට අත පය දෑන් හිරි වැටෙන
දහදිය වගුරමින් කුණු බැනුමන් අසන
දිරිය ළඳයී ඔබ සැම රට ගොඩ නගනඋගත්කමට හිමි නැත අද රටේ ඉඩ
උපාධි ක් ඇත ගාමන්ට් එකේ වැඩ
කෑම පැයයී කන්දක් ගොඩ ගැසෙයී වැඩ
නිවාඩුවක් නැත අසනිපෙටත් වැඩ
නගින බසින ඉර දවසට නැහැ දැක්කේ
බෝඩින් ජීවිතේ අපමණ දුක් දෙන්නේ
දුක් වින්දාට කෙදිනද සැප හිමි වන්නේ
කුමාරයෙක් වත් නනෑ කැන්දන් යන්නේ
aththamai yalu
ReplyDeleteඇත්තම කතාව හැමෝම ඔය දේ දැනගත්තත් පෙනෙන තෙක් මානෙක විසදුමක් නැති එක..
ReplyDeleteniyamai chari..
ReplyDelete